Saturday, 24 August 2019

Mihintale Slab Inscriptions of Mahinda IV

Slab Inscriptions of Mahinda IV
Two Slab Inscriptions of Mahinda IV are found established in a ruined building located on the premises of Mihintale Monastery in Anuradhapura District, Sri Lanka. The two inscriptions have been erected on the orders of King Mahinda IV (956-972 A.D.) to provide information on the administration and inner life of the monastery at Mihintale. They further reveal the rules and regulations pertaining to the monk community, the intervention of the State, the wages and allowances for the employees of the temple as well as the information regarding the work involved with the temple, the relic house, and special monastic buildings.

Inscriptions
Mihintale Slab Inscriptions of Mahinda IV
The slabs of the two inscriptions are about seven feet high and about four feet wide and stand upright in a ruined building called "Bhojana-shala" [(the refectory) Wickremasinghe, 1912]. Both inscriptions consist of 58 lines and have been written in the Sinhalese language of the late tenth and early eleven centuries A.D. (Wickremasinghe, 1912). The author of the inscriptions is mentioned as Siri Sangboy Abahay who is identified with King Mahinda IV.

Reign: Mahinda IV (956 - 972 A.D.)        Period: 10th century A.D.
Script: Medieval Sinhala                          Language: Medieval Sinhala

The slab inscription no. I
Mihintale Inscriptions Mahinda IV This inscription provides details about the statutory enactments (rules and regulations) imposed on Chetiyagiri Viharaya. They include; the preparation of accounts on income and expenditures, preparation of monthly accounts, preparation of annual profit and loss accounts, and the balance sheet, and also about making the accounts public.

The content in this slab is said to be more or less similar to those in the Jetavanarama Sanskrit Inscription and Kassapa V's Slab Inscription near the stone canopy in Anuradhapura (Wickremasinghe, 1912).

Content: The king in his 16th regnal year, convened a meeting of the representatives of the Abhayagiri Viharaya and Chetiyagiri Viharaya (modern Mihintale) and the laymen attached to the Vihara (such as officers, servants and the tenants of the properties belonged to the Vihara). After reviewing the administrative and regulations in force, the king enacted a new set of rules on the administration of Chetiyagiri Viharaya.
The slab inscription no. II
The second slab deals with the emoluments of employees/servants. According to the inscription, the employees had been paid based on their relevant positions.

Content: The inscription contains details about the allowances to be paid to all employees and servants of the Chetiyagiri Viharaya and about the special provisions which should be given to the chief administrator monk of the Vihara. The units and measurements of allowances are in vogue during that time.

References
1) Wickremasinghe, D.M.D.Z., 1912. Epigraphia Zeylanica: Being lithic and other inscription of Ceylon, Vol. I. London. Archaeological Survey of Ceylon. pp.75-113.
2) The information board at the site by the Department of Archaeology and the Ministry of National Heritage.

Location Map
This page was last updated on 14 November2022

A short note for local school students
මිහිඳු පුවරු ලිපි, මිහින්තලය

ශ්‍රී ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි පිහිටි මිහින්තලේ පුරාණ බෞද්ධ ආරාම සංකීර්ණයෙහි නටඹුන් වූ ගොඩනැගිල්ලක් ඉදිරිපිට සිව්වන මහින්ද රජුට (ක්‍රි.ව. 956-972) අයත් පුවරු ලිපි ද්විත්වයක් හමුවේ. මිහින්තලය විහාරාරාම පරිපාලනය හා අභ්‍යන්තර දිවිය පිළිබඳ තොරතුරු සැපයීම සඳහා රජුගේ නියමයන් පරිදි මෙම ලිපි ද්විත්වය ස්ථාපනය කොට තිබේ. මිහින්තලය භික්ෂුන් විෂයෙහි බලපවත්වනු ලබන නීති රීති, රාජ්‍ය මැදිහත්වීම්, ආරාමවාසී සේවකාදීන්ගේ වේතන හා දීමනා, ආරාමික ආදායම් මාර්ග හා වෙහෙර, ධාතුගෙය ආදී පරිශ්‍රයන්හී කටයුතු පිළිබඳව තොරතුරුද මේවා මගින් වැඩිදුරටත් හෙළිදරවු කෙරේ.

ශිලා ලේඛන
භෝජනාශාලාව ලෙස හඳුන්වනු ලබන නටඹුන් ගොඩනැගිල්ලක් ඉදිරිපිට සිරස්ව පිහිටුවන ලද ශිලා ලිපි පුවරු ද්විත්වය අඩි 7ක් පමණ උස්වන අතර අඩි 4ක් පමණ පළල වේ. පේලි 58කින් සමන්විත වන ශිලා ලිපි ද්විත්වයම දසවන සියවසේ අග හා එකොළොස්වන සියවසේ මුල් භාගයට අයත් සිංහල භාෂාවෙන් රචනා කොට තිබේ. සිව්වන මහින්ද රජු මෙම ලේඛනයන්හී කතෘවරයා ලෙස සඳහන් කොට ඇත.

අන්තර්ගතය
රාජ්‍ය සමය: හතරවන මිහිඳු (ක්‍රි.ව. 956-972)
කාලය       : ක්‍රි.ව. 10වන සියවස
අක්ෂර       : මධ්‍යකාලීන සිංහල
භාෂාව       : මධ්‍යකාලීන සිංහල

පුවරු ලිපිය අංක 1
චේතියගිරි විහාරය සම්බන්ධයෙන් පනවන ලද ව්‍යවස්ථාවක් (නීති රීති හා රෙගුලාසි) පිළිබඳව මෙමගින් කරුණු සපයයි. මීට ආදායම් සහ වියදම් වාර්තා පවත්වා ගැනීම, මාසික ගිණුම් පිළියෙල කිරීම, වාර්ෂික ගිණුම් පිළියෙල කිරීම හා ඒවා ප්‍රසිද්ධියට පත් කිරීම ආදී කරුණු ඇතුලත් වේ.

අන්තර්ගතය: රාජ්‍යාභිෂේකයෙන් දහසය වන වසරෙහි රජු විසින් චේතියගිරිය (මිහින්තලය), අභයගිරිය හා ඊට සම්බන්ධ ගිහියන් (නිලධාරීන්, සේවකයින් හා කුලීකරුවන් යන අයවළුන්) රැස් කරවන ලදී. මෙහි ක්‍රියාත්මක පරිපාලනය හා රෙගුලාසි විමර්ෂණයෙන් අනතුරුව රජු චේතියගිරි විහාරයට පරිපාලනමය ව්‍යවස්ථාවක් පනවන ලදී.

පුවරු ලිපිය අංක 2
මෙම ලිපියෙහි මූලික පරමාර්ථය වනුයේ චේතියගිරි විහාරයේ දීමනා සම්බන්ධ නියමයන් දැක්වීම වේ.

අන්තර්ගතය: චේතියගිරි විහාරයේ පාලක ස්වාමින් වහන්සේට හා අනෙකුත් සේවකයන් සඳහා ලබාදිය යුතු දීමනා මෙම ලිපිය මගින් දක්වා තිබේ. එක් එක් සේවකයින්ට ඔවුන්ගේ රැකියාවෙහි තරාතිරම අනූව ගෙවීම් හිමිව ඇත. දීමනාවන්හී ඒකක හා ප්‍රමාණ අදාල සමයේ ව්‍යවහාරිත ඒවාය.

2 comments: