Vahalkada
The main shrine (Maha Devalaya) consists of five parts; the Garbha (the sanctum), Pirith Kiyana Ge (Dhamma enchanting house), Antharalaya or Meda Digge, Sandun Kudama and Digge (dancing hall) or Hewisi Mandapaya (drummers' hall). The temple has earned great attention from visitors because of the splendid low relief wood carvings found on the pillars and the high-pitched roof of the Hewisi Mandapaya (Godakumbura, 2011). It has been built on a quadrangle stone base of 34 inches high and contains 32 wooden pillars bearing the roof. The medial panels of the wooden pillars contain the finest Sinhalese wood carvings including the swan figures, double-headed eagle, the women growing out of the vine, bacchanalian figures, a wrestling pair, dancers, soldiers, etc. (Godakumbura, 2011). The upper part of the pillars is decorated with dropping lotuses. The Madol Kurupawa (or Keni Madala), a giant catch pin (wood) that holds 26 rafters at the northern part of the roof contains no single metal pin used and is considered a special piece of work. Totally, 514 wood carvings (including 128 medial panel carvings, 256 Liyapath Wardana carvings, 64 Pekada Nelum carvings, 30 Balka, and 36 Thalada carvings) are found in the Hewisi Mandapaya.
The small hall which is entered through the Hewisi Mandapaya is called Sandun Kudama. The entrance door is decorated with a small Makara Thorana (the dragon arch) accompanied by two lion figures. The hall is opened to three directions. The left door directs the visitors to the Palle Devalaya, the right to the Buddha shrine, and the straight door to the Antharalaya, Pirith Kiyana Ge, and Gharbha chambers.
Buddha shrine & Palle Devalaya
Vee Atuwa
.
2) Embekka Devalaya 24 by Cherubino is licensed under CC BY-SA 3.0
3) Embekka Devalaya 17 by Cherubino is licensed under CC BY-SA 3.0
4) Embekka Devalaya 19 by Cherubino is licensed under CC BY-SA 3.0
5) Embekka Devalaya Pillar Tops by Dhammika98 is licensed under CC BY 3.0
For a complete tourist map follow this link: Lankapradeepa Tourist Map
ඇම්බැක්කේ දේවාලය
ඇම්බැක්කේ දේවාලය ශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ ඇම්බැක්ක ග්‍රාමයේ පිහිටි පුරාණ දේවාලයකි. එය ඇම්බැක්ක-පිළිමතලාව මාර්ගයෙහි, පිළිමතලාවේ සිට කි.මී. 7ක් පමණ දුරින් පිහිටයි. ශ්‍රී ලංකාවෙහි විශිෂ්ඨතම දැව කැටයම් හමුවන ස්ථානය ලෙස ඇම්බැක්කයේ පිහිටි මෙම දේවාලය සැළකේ.
ඉතිහාසයසාම්ප්රදායික විශ්වාසයන්ට අනූව, ඇම්බැක්කේ යනු ගම්පොල රජවරුන්ගේ මන්ත්‍රණ ශාලාව වන අතර පසුකාලීනව එය සිංහලයන්ගේ දේවතාවෙකු වූ කතරගම දෙවියන් වෙනුවෙන් කැපකර තිබේ. කතරගම දෙවියන් හැරුණු විට ප්‍රාදේශීය දෙවියෙකු වූ දේවතා බණ්ඩාරද මෙම දේවාලයේදී වන්දනාමානයට පාත්‍ර වේ. කෙසේනමුදු මෙම දේවාලය 3වන වික්‍රමබාහු රජු විසින් ස්ථාපනය කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. මහනුවර යුගයේ රචිත කිරල සංදේශයෙහි මෙම පුදබිම හඳුන්වා ඇත්තේ මහසෙන් දේවාලය ලෙසයි.
සිද්ධස්ථාන සංකීර්ණයප්රධාන වශයෙන් පැරණි ගොඩනැගිලි 8ක් මෙම ස්ථානයේදී හඳුනාගත හැකිවේ. ඊට වාහල්කඩ, මහ දේවාලය, පල්ලෙ දේවාලය, මුළුතැන්ගෙය, වී අටුව, බුද්ධ මන්දිරය, රිට්ටාගෙය (අම්බලම) හා සිංහාසන ගෙය ඇතුලත්ය. මින් රිට්ටාගෙය හා සිංහාසන ගෙය හැරුණු විට අනෙක් ගොඩනැගිලි 6 දේවාල පරිශ්‍රය තුල පිහිටයි.
වාහල්කඩඅඩි 2.5ක් පමණ උස්වූ චතුරස්රාකාර වේදිකාවක් මත ඉදිකොට තිබෙන ගොඩනැගිල්ලෙහි වහල වේදිකාවට සවිකොට ඇති දැව කුළුණු 10ක් මගින් රඳවා ගනී. මෙම කුළුණු වලද දේවාලයේ හේවිසි මණ්ඩප ගෘහයේ වූ දැව කුළුණු මතවූ කැටයම් වලට සමාන වූ සියුම් දැව කැටයම් දැකගත හැකිවේ. සමස්ථ ගොඩනැගිල්ල අඩි 22යි අඟල් 11ක් දිගුවන අතර අඩි 18යි අඟල් 8ක පළලින් යුක්ත වේ.
මහ දේවාලයගර්භය, පිරිත් කියන ගේ, අන්තරාලය, සඳුන් කුඩම, හා දිග් ගේ (හෝ හේවිසි මණ්ඩපය) යන කොටස් 5න් මහ දේවාලය සමන්විත වේ. දේවාලය ඉදිරිපසින් වූ හේවිසි මණ්ඩපයෙහි වූ දැව කණු හා වහලයේ දැව මත දැකගත හැකි විශිෂ්ඨ දැව කැටයම් හේතුවෙන් මෙම පුදබිම සංචාරකයින්ගේ දැඩි අවධානය දිනාගෙන තිබේ. අඟල් 34ක් පමණ උස්වූ ශිලා වේදිකාවක් මත ඉදිකර ඇති එය වහලය දරා සිටින දැව කණු 32කින් සමන්විත වේ. දැව කණු වල වූ මධ්‍ය පනේල වල හංස පූට්ටුව, සුරාධූර්ථක, නාරිලතා, අංගම්පොරකරුවන්, හේවායන් වැනි විශිෂ්ඨ සිංහල දැව කැටයම් දැකගත හැකි වේ. කුළුණු වල ඉහල කොටස රූරා වැටෙන නෙළුම් මල් කැටයමින් යුක්තය. පරාල 26ක් රඳවා ගන්නා, වහලයේ උතුරු කොටසෙහි වූ මඩොල් කුරුපාව විශේෂ නිර්මාණයක් සේ සැළකෙන අතර ඊට කිසිදු ලෝහ ඇණයක් භාවිතා කොට නැත. හේවිසි මණ්ඩපය කොටස තුල සමස්ථයක් ලෙස දැව කැටයම් 514ක් (මධ්‍ය පනේල කැටයම් 128ක්, ලියපත් වර්ධන කැටයම් 256ක්, පේකඩ නෙළුම් කැටයම් 64ක්, බාල්ක කැටයම් 30ක් හා තලාද කැටයම් 36ක්) දැකගත හැකිය.
සඳුන් කුඩමහේවිසි මණ්ඩපය හරහා ඇතුළු විය හැකි කුඩා ශාලාව සඳුන් කුඩම ලෙස හැඳින්වේ. එහි ද්වාරය සිංහ රූප දෙකකින් සමන්විත වූ කුඩා මකර තොරණකින් සරසා ඇත. ශාලාව දිශා තුනකට විවෘත වන අතර වම් පසින් වූ ද්වාරය පල්ලෙ දේවාලයටත්, දකුණු දිශාගත ද්වාරය බුද්ධ මන්දිරයටත්, කෙලින්ම ඉදිරිපසින් වූ ද්වාරය අන්තරාලයට, පිරිත් කියන ගෙට හා ගර්භයට විවෘත වේ.බුද්ධ මන්දිරය හා පල්ලෙ දේවාලයමකර තොරණකින් සමන්විත හිඳි බුද්ධ ප්‍රතිමාවක්, හිටි බුද්ධ ප්රතිමාවන් හා බිතු සිතුවම් රැසක් බුද්ධ මන්දිරය තුලදී දැකගත හැක. ඊට ඇතුළු වීම පිණිස ද්වාර ත්‍රිත්වයක් වන අතර ඉන් මධ්‍යයේ වූ දොරටුවේ උළුවස්ස අගනා කැටයමින් යුක්තය. පල්ලෙ දේවාලය, මහ දේවාලයට වම් පසින් පිහිටන අතර කතරගම දෙවියන්ගේ අධිකාරම් සේ සැළකෙන දේවතා බණ්ඩාර මෙහි වන්දනයට පාත්‍ර වෙයි.
වී අටුව හා මුළුතැන්ගෙයදේවාල පරිශ්‍රයට ඇතුළු වන ස්ථානයට වම් පසින් වී අටුව හා මුළුතැන්ගෙය පිහිටා ඇත. මුළුතැන්ගෙය කුඩා ශාලාවකින් හා කාමර දෙකකින් යුක්තය. වී අටුවට නුදුරින් කැටයම් කරන ලද ශිලාමය උළුවස්සක් දැකගත හැකිවන අතර එය මෙහි ගෙනැවිත් ඇත්තේ කිරිබත් කුඹුරේ බස්නායක රාළ විසින් බව කියවේ.
පුරාවිද්‍යා ස්මාරක ස්ථානයඋඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඇම්බැක්ක ග්‍රාම නිළදාරී වසමේ පිහිටි ඇම්බැක්කේ දේවාල සංකීර්ණය හා ගලේ අම්බලම 2009 ජනවාරි 23 යන දින ප්‍රකාශයට පත් රජයේ ගැසට් නිවේදනය මගින් ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ලෙස නම් කොට ඇත.