බොරැල්ල ගෝතමී විහාරය

ගෝතමී විහාරය
ගෝතමී විහාරය ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයෙහි බොරැල්ල පිහිටි බෞද්ධ ආගමික සිද්ධස්ථානයකි. 

ශ්‍රී ලංකා නිදහස් අරගලයෙහි පුරෝගාමියෙකු ලෙස ක්‍රියාකල ශ්‍රීමත් ජේම්ස් පීරිස් මහතාගේ මෑණියන් වූ ඒ. දි සොයිසා පීරිස් මැතිණිය විසින් පූජ්‍ය දොඩන්දූව ශ්‍රී පියරතන හිමියන් වෙත විහාර බිම්කඩ පරිත්‍යාග කිරීමත් සමග 1900 වර්ෂයේදී ගෝතමී විහාරය ආරම්භ විය.  

ඉන් වසර 40කට පමණ පසු, ඒවන විට විහාරයේ නායක හිමිපාණන් වහන්සේ වූ පූජ්‍ය තෙල්වත්තේ අමරවංශ හිමියන්ගේ අනුශාසනා සහ විහාරයෙහි ප්‍රධාන භාරකරු වූ හැරල්ඩ් පීරිස් මහතාගේ ආරාධනය පරිදි ජෝර්ජ් කිට් විසින් විහාර ගෙයි පිටත බිත්තිහී බුද්ධ චරිතය නිරූපිත සිතුවම් නිමවන ලදී. ඉදිරිපස ද්වාරහී වූ සාම්ප්‍රදායික පුන්කලස සැරසිලි සහ විහාර ගෙයි ඇතුල් බිත්තියෙහි පාදස්තලයේ වූ මල් සැරසිලි ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු වූ මංජු ශ්‍රී විසින් නිමවා තිබේ.

විහාරගෙයි වූ පුරාණ සිතුවම් සහ මූර්ති සමූහය 2007 ජූලි 6 වන දින අංක 1505 දරණ ගැසට් පත්‍රය මගින් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්මාරක ලෙස ආරක්ෂණය කොට තිබේ. 

George Keyt's paintings at Gothami Viharaya Stupa of Gothami Viharaya George Keyt's paintings at Gothami Viharaya Manju Sri's paintings at Gothami Viharaya

.
ස්ථානීය පිහිටුම
This page was last updated on 14 March 2023
Previous Post Next Post