බොරැල්ල ගෝතමී විහාරය

ගෝතමී විහාරය ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයෙහි බොරැල්ල පිහිටි ප්‍රසිද්ධ බෞද්ධ ආගමික සිද්ධස්ථානයකි. 1900 වර්ෂයේදී ගෝතමී විහාරය ආරම්භ විය.
ගෝතමී විහාරය
ගෝතමී විහාරය

ගෝතමී විහාරය ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයෙහි බොරැල්ල පිහිටි බෞද්ධ ආගමික සිද්ධස්ථානයකි.

ඉතිහාසය

ශ්‍රී ලංකා නිදහස් අරගලයෙහි පුරෝගාමියෙකු ලෙස ක්‍රියාකල ශ්‍රීමත් ජේම්ස් පීරිස් මහතාගේ මෑණියන් වූ ඒ. දි සොයිසා පීරිස් මැතිණිය විසින් පූජ්‍ය දොඩන්දූව ශ්‍රී පියරතන හිමියන් වෙත විහාර බිම්කඩ පරිත්‍යාග කිරීමත් සමග 1900 වර්ෂයේදී ගෝතමී විහාරය ආරම්භ විය.

ඉන් වසර 40කට පමණ පසු, ඒ වන විට විහාරයේ නායක හිමිපාණන් වහන්සේ වූ පූජ්‍ය තෙල්වත්තේ අමරවංශ හිමියන්ගේ අනුශාසනා සහ විහාරයෙහි ප්‍රධාන භාරකරු වූ හැරල්ඩ් පීරිස් මහතාගේ ආරාධනය පරිදි ජෝර්ජ් කිට් විසින් විහාර ගෙයි පිටත බිත්තිහී බුද්ධ චරිතය නිරූපිත සිතුවම් නිමවන ලදී. ඉදිරිපස ද්වාරහී වූ සාම්ප්‍රදායික පුන්කලස සැරසිලි සහ විහාර ගෙයි ඇතුල් බිත්තියෙහි පාදස්තලයේ වූ මල් සැරසිලි ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු වූ මංජු ශ්‍රී විසින් නිමවා තිබේ.

පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකය

විහාරගෙයි වූ පුරාණ සිතුවම් සහ මූර්ති සමූහය 2007 ජූලි 6 වන දින අංක 1505 දරණ ගැසට් පත්‍රය මගින් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්මාරක ලෙස ආරක්ෂණය කොට තිබේ.

George Keyt's paintings at Gothami Viharaya Stupa of Gothami Viharaya George Keyt's paintings at Gothami Viharaya Manju Sri's paintings at Gothami Viharaya

ස්ථානීය පිහිටුම

ගතික ගූගල් සිතියම

إرسال تعليق