This sequence of events has been demonstrated and proved using the real lamp at the National Museum of Colombo (Jayawardana & Peiris, 2009).
දැදිගම ඇත් පහන
ශ්‍රී ලංකාවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම පිහිටි කොටවෙහෙර ස්තූපයෙන් (සූතිඝර දාගැබ) අනාවරණය කර ගත් අපූර්ව එල්ලිය හැකි පහන දැදිගම ඇත් පහන වශයෙන් ප්‍රසිද්ධ වී තිබේ. වර්තමානයේ මෙම පහන කොළඹ ජාතික කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනයට තබා ඇත.
ඉතිහාසයසමාන ආකෘතියෙන් යුතු ඇත් පහන් දෙකක් 1951 වර්ෂයේදී දැදිගම කොට වෙහෙර ස්තූපයේ ඉහළ ධාතු ගර්භයෙහි තිබී සොයාගන්නා ලදී. මෙම ස්තූපය 12වන සියවසේදී මහා පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1153-1186) විසින් ඉදිකරන ලද සූතිඝර දාගැබ බව හඳුනාගෙන තිබේ. මහාවංශයට අනූව, මහා පරාක්‍රමබාහු රජුගේ පියා වූ මානාභරණ රජු විසින් දක්ඛිණ දේශයේ අගනගරය ලෙස පුංඛගාම යොදාගත් බව දැක්වේ. පරාක්‍රමබාහු කුමරු එහි උපත ලද බවත් පසුකාලීනව ඔහු විසින් තමා උපන් නිවස පිහිටි ස්ථානයෙහි රියන් 120කින් (අඩි 180) යුතු සූතිඝර නමින් ස්තූපයක් ඉදිකල බවත් සඳහන් වේ.
ඇත් පහන සූතිඝර ස්තූපයෙහි ධාතු ගර්භයෙහි තිබී හමුවීම හේතුවෙන් විද්‍යාර්ථයින් විසින් එම පහන මහා පරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය සමයට නැතහොත් 12වන ශතවර්ෂයට අයත් යැයි කාල වකවානු නිශ්චය කොට තිබේ.
පහනසුසිර වාත්තු ක්‍රමයට ලෝහයෙන් නිමවා ඇති පහන මූලික ලෙසම ඇත්ගොව්වන් දෙදෙනෙකු දරා සිටින ඇතෙකුගේ ස්වරූපය නිරූපණය කරයි. උස සෙ.මි. 8.5 හා විෂ්කම්භය සෙ.මි. 23 වන තැටි පාදමක් (තෙල් රඳවනය) මත සිටගෙන සිටින ඇත් රූපය සෙ.මි. 12.6ක් උස වන අතර සෙ.මි. 6.5ක පළලින් යුක්තය. ඇතා සහ ඇත් ගොව්වන් දෙදෙනා අදාල නිශ්චිත පිහිටුමෙහි රඳවා ඇත්තේ ඇතාටම සම්බන්ධ කර අගුළු දමා ඇති ගැලවිය හැකි මකර තොරණ මගිනි. පහනෙහි සම්පූර්ණ උස සෙ.මි. 28.5කි.
පහන එල්ලීමට යොදාගන්නා දම්වැල කාන්තා නර්තන රුවකින්, පිරිමි අත්තාලම් හඬවන රුවකින් හා බෙර වයන්නෙකුගේ රුවකින් සරසා තිබේ. දම්වැලෙහි කෙළවර පහන එල්ලීම සඳහා කොකුවක් නිර්මාණය වන පරිදි තැනූ පෙණය විලිස්සාගත් නාග රුවක් වේ.
තාක්ෂණයපහනක් දීර්ඝ කාලයක් මුළුල්ලෙහි දැල්වී තිබීමට නම් එහි තෙල් රඳවනයෙහි ප්‍රමාණවත් තරමක තෙල් තිබිය යුතුය. ඇත් පහනෙහි තෙල් රැඳවුම් තැටිය (R) මත ඇත් රුව සිටගෙන සිටින අතර ඇතාගේ බඩ (B) තෙල් රැඳවුමක් හා සංචිතයක් ලෙස ක්‍රියා කරයි. ඇත් රුව තෙල් රඳවන තැටියෙන් ගලවා ඉවත් කල හැකි අතර එහි ඉදිරිපස පාදයක නාලයක් (P) වේ. ඇත් රුව අනෙක් පස හැරවීමෙන්, දී ඇති P නාලය හරහා බඩ තුලට තෙල් ඇතුල් කල හැකි වන අතර ගබඩා කරන තෙල් ඇතුලත වූ කපාටයක් මගින් නැවත ගලා ඒම වළකයි. ඇත් රුව නැවත තෙල් තැටියට සම්බන්ධ කල පසු , බඩ තුල වූ තෙල් ඇතාගේ පුරුෂ අවයවය (O) හරහා බිංදු වශයෙන් තෙල් රැඳවුම් තැටියට වෑස්සීම ආරම්භ වේ. මෙය සිදුවන්නේ පහන් තිරය දැල්වීම නිසා තෙල් රැඳවුම් තැටියේ වූ තෙල් මට්ටම ඇතාගේ පාදයේ වූ නාලයේ පහළ කෙළවර මට්ටමට වඩා අඩුවූ විටයි. එවිට නාලයේ පහළ කෙළවර හරහා ඇතාගේ බඩ තුලට වාතය ගමන් කරමින් එතුල වායුගෝලීය පීඩනය නිර්මාණය කරන බැවින් ගුරුත්වය ඔස්සේ ඇතාගේ පුරුෂ අවයවය හරහා තෙල් වෑස්සීම සිදුවේ.
මෙම ක්‍රියාවලිය, ජාතික කෞතුකාගාරයෙහි වූ සැබෑ ඇත් පහන යොදා ගනිමින් තහවුරු කොට තිබේ.