.
2) Withanachchi, C. R., 2013. Pauranika Sthana Saha Smaraka: Ampara Distrikkaya (In Sinhala). Department of Archaeology (Sri Lanka). ISBN: 955-9159-44-5. p.25.
For a complete tourist map follow this link: Lankapradeepa Tourist Map
According to Sri Lankan chronicles, Buddhism was introduced to Sri Lanka in the 3rd century B.C. by Arhant Mahinda, during the reign of King Devanampiya Tissa.
The earliest trace of epigraphy in South Asia is said to be found in Sri Lanka. A piece of pottery, dated to circa the 4th century B.C. has been discovered from the Anuradhapura citadel.
The architecture of Sri lanka has a long history and shows diversed forms and styles, mainly infuenced by their religions and traditional beliefs.
Inherited from the past, Sri Lanka has a large number of antiques with cultural and historical significance which reflects the glory of past era.
Located in the northern waters of the Indian Ocean, Sri Lanka is an island blessed with a large number of attractons which has made the country an ideal destination for the tourism.
පිළිකුත්තුව රජමහා විහාරය
පිළිකුත්තුව රජමහා විහාරය ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිළිකුත්තුව පිහිටි බෞද්ධ සිද්ධස්ථානයකි.
ඉතිහාසයපිළිකුත්තුව විහාරයෙහි ඉතිහාසය පූර්ව ඓතිහාසික යුගයේ සිට නුවර යුගය දක්වා විහිදෙයි. මෙහි පිහිටි සමහරක් ලෙන් වලින් පූර්ව ඓතිහාසික යුගයට අයත් පුරාවිද්‍යාත්මක සාධක හමුව තිබේ. සමහරක් ලෙන්වල වන පූර්ව-බ්‍රාහ්මී සෙල්ලිපි මෙම ස්ථානය ක්‍රිස්තු පූර්ව යුගයේ සිටම ආගමික ස්ථානයක් වශයෙන් පැවති බව තහවුරු කරයි.පිළිකුත්තුව විහාරයට ආසන්නව පිහිටි අනෙකුත් ලෙන් විහාර වූ ඌරුවල, මාළිගාතැන්න, වාරණ, මිරිස්වත්ත හා කොස්කඳවල යන විහාර අනුරාධපුර මුල් අවධියේදී එකම විහාර සංකීර්ණයක් වශයෙන් පවතින්නට ඇතැයි සැළකේ.ජනප්රවාදදකුණු ඉන්දියානු ආක්‍රමණිකයන් විසින් අනුරාධපුර පාලනය කරන සමයේ වලගම්බා රජු මෙම ස්ථානය භාවිත කල බව ජනප්‍රවාදයේ සඳහන්ය.
විහාර සංකීර්ණයකටාරම් සහිත හෝ රහිත ලෙන් විශාල සංඛ්‍යාවක් (99ක් පමණ) මෙම විහාර පරිශ්‍රයෙන් හමුව තිබේ. විශාල කටාරම් සහිත ලෙනකින් වටවූ කුඩා ස්තූපය අතීතයේ වහළයකින් ආවරණය වී තිබුණි. නුවර යුගයට අයත් සිතුවම් සහිත ලෙන් විහාරය, ධර්මශාලාව, මං පෙත්, අඩි 6ක වටප්‍රමාණයෙන් යුත් වසර 400ක් පැරණි යැයි විශ්වාස කෙරෙන පුස් වැල, විහාරයේ ඓතිහාසික බව වැඩිකරන අනෙකුත් ස්මාරක වෙයි.
සක්ක ගලින් නිර්මිත පොකුණ, භූගත ජල මාර්ගය, පැරණි දැව පාලම, හා පුරාණ වැව ද විහාර භූමියෙහි හමුවන වැදගත් ස්මාරක වේ.පුරාවිද්‍යා ස්මාරක ස්ථානයපිළිකුත්තුව රජමහා විහාර පරිශ්‍රයේ පිහිටි පැරණි විහාර ගෙය, සියළුම ලෙන්, ලෙන් ලිපි, භික්ෂු කුටි, ස්තූපය, දිග්ගල, දේවාල ලෙන, දැව පාලම, පොකුණ, සහ ධර්ම ශාලාව, 1996 නොවැම්බර් 1 වන දින හා 2002 නොවැම්බර් 22 හා 2016 ජූලි 7 වන දින ප්‍රකාශයට පත් රජයේ ගැසට් නිවේදන මගින් ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ලෙස නම් කොට ඇත.
Meddepola inscription
Period: 3rd century B.C. - 1st century A.D. Script: Early Brahmi Language: Old Sinhala
Transcript: Shumana data (te)rasha gahapa (..) shaha lene
Translation: Cave of the elder Sumanadatta and of householder ....sa.
Reference: Wijesekara, 1990.
මැද්දේපොළ රජමහා විහාරය
මැද්දේපොළ රජමහා විහාරය හෝ වේරමුණේ ශ්‍රී සුන්දරාරාම විහාරය ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුල පිහිටි විහාරස්ථානයකි.
ඉතිහාසයමුණි වෙහෙර යනු මෙම විහාරය හැඳින්වීමට අතීතයේ භාවිත කල නාමය වේ. එය පසුකාලීනව වෙහෙර මුණි බවටත් අවසානයේ වේරමුණේ බවටත් පත්ව ඇත. විහාරයේ ඉතිහාසය ප්‍රාදේශීය ජනයා විසින් දේවානම්පියතිස්ස රජ සමයට (ක්‍රි.පූ. 307-267) සම්බන්ධ කරයි. වත්මන් ලෙන් විහාරයේ කටාරමට යටින් කොටවන ලද ක්‍රි. පූ යුගයට අයත්විය හැකි බ්‍රාහ්මී අක්ෂරයෙන් රචිත ලෙන් ලිපියක් දැකගත හැකිවන අතර තවත් එවැනි ලිපියක් ඊට නිරිත දිශාවෙන් පිහිටි කටාරම් කෙටූ ලෙනක හමුවෙයි.
විහාරය වළගම්බා (ක්‍රි.පූ. 103,87-77) හා 2වන පරාක්‍රමබාහු වැනි රජවරුන්ගේ අනුග්‍රහය යටතේ ප්‍රතිසංස්කරණයට හා සංවර්ධනයට ලක්වූ බව පැවසෙයි. දහඅටවන සියවසෙහි පමණ රචිත චූලවංශයෙහි දැක්වෙන ආකාරයට කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි.ව. 1742-1782) විසින් මැද්දේපොළ විහාරය ප්‍රතිසංස්කරණය කොට ඇත. එසේම රජු විසින් නිකුත් කෙරූ තඹපත් ප්‍රධානයකින්, එවක මැද්දේපොළ විහාරයේ විහාරාධිපති වූ ගිනිගත්පිටියේ දීපංකර තෙරණුවන්ට මල්ගමුව ග්‍රාමයෙන් ලබා දුන් දේපලක් පිළිබඳව තොරතුරු හෙළිදරව් කරයි.
වත්මන් ලෙන් විහාරයෙහි වැඩකටයුතු කඩහපොළ සංඝරක්ඛිත ශ්‍රී මේධංකර තෙරණුවන් විසින් 1844දී සම්පූර්ණ කර තිබේ. එහි ඇතුල් බිත්ති සරසන මුල්ම සිතුවම් නුවර සම්ප්‍රදායට අයත්වන අතර ඒවා දෙවරගම්පල සිල්වත් තැන ප්‍රමුඛ සිත්තරුන් විසින් නිමවා ඇත. කෙසේනමුදු, වත්මන් ලෙන් විහාරයේ දැකගත හැකි සිතුවම් බොහොමයක් නිමවා ඇත්තේ සෝලියස් මැන්දිස් හා එස්.ජේ. එස්. සිල්වා යන සිත්තරුන් දෙදෙනා විසිනි.
පුරාවිද්‍යා ස්මාරක ස්ථානයපන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉහල මැද්දේපොළ ග්‍රාමනිළදාරී වසමට අයත් වේරමුණේ ශ්‍රී සුන්දරාරාම විහාර පරිශ්‍රයෙහි වූ බ්‍රාහ්මී අක්ෂර සහිත කටාරම් කෙටූ ලෙන් විහාරය, පැරණි ධර්ම ශාලාව, පොහොය ගෙය, භික්ෂු ආවාසය හා කටාරම් කෙටූ ලෙන් 2009 ජනවාරි 23 හා 2009 ජූලි 24දින ප්‍රකාශයට පත් රජයේ ගැසට් නිවේදන මගින් ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ලෙස නම් කොට ඇත.